කළු ඇඳුම

abayaවර්තමානයෙහි ලංකාවේ මුස්ලිම් කතුන් කළු ඇඳුමක් ඇඳ අරාබි සංස්කෘතිය මෙහි බෝ කරන්නට තැත් කරති යැයි ඇතැමුන් චෝදනා නගති. චෝදනා යන වචනය මෙහි භාවිත කිරීම එතරම් සුදුසු නොවේ යැයි සිතේ. මන්ද යත් චෝදනාවක් නැගිය හැක්කේ වරදක් අපරාධයක් හෝ අකටයුත්තක කළොත් පමණි. අනෙක් අතට බලන විට සිංහළ කාන්තාවන්ද සිය වස් ගණනාවක් මෙහි පැවති ආරිය සිංහළ සංවර ඇඳුම් වන රෙද්ද හැට්ටය ඔසරිය වැනි ඇඳුම් පැත්තකට දමා බටහිර සංස්කෘතිය අනුව යමින් අද කොට ගවුම් මිනි ගවුම් ඩෙනිම් ටී ෂර්ට් වැනි අඩ නිරුවත් හෝ අඟපසඟ මනාව පිළිබිඹු වන කිිටිකිටි ඇඳුම් ඇඳීමේ සිරිතක් බදා ගෙන සිටිති. අසංවර සංස්කෘතියක් අනුගමනය කිරීමට එක් කොටසකට අයිතියක් ඇත්නම් සංවර සංස්කෘතියක් අනුගමනය කරන්නට තවත් කොටසකට තහංචි දැමිය නොහැක.
ලොව ඉතිහාහය දෙස අප බලන කල සියලූම රටවල හා සංස්කෘතිවල සිරුරේ වැඩි කොටසක් වසා ගන්ාට අවසර නොදෙන ලද්දෙ පහත් යැයි සම්මත ගෝත‍්‍රවල ගැහුණුන්ට හා පිරිමින්ටය. හොඳින් සිරුර වසා ගැනීම යනු උසස් කුලයේ හා ධනවත් උගත් එමෙන්ම උසස් තනතුරු දරන්නන්ට පමණක් සීමා වී තිබුනි. එය වෙනස් කළේ ඉස්ලාම් ධර්මයයි. ඒ අනුව වැදගත් හා ගරුකටයුතු ලෙසින් ඇඳුම් ඇඳීම ඉස්ලාමයේ නිර්දේශයක් මිස අරාබින්ගේ සංස්කෘතියක් නොවේ. ඉස්ලිම් ධර්මය ආරම්භයෙහි දෙසන ලද්දේ අල්ලාහ් දෙවියන්ගේ අණ පරිසි අරාබියේ උපන් මුහම්මද්තුමන් විසින් හෙයින් මෙය අරාබිකරයට ඇතැමුන් යා කරන්නට උත්සාහ කරති. එය අරබින්ගේ වේවා නැත්නම් චීනුන්ගේ වේවා හොඳ දෙයක් නම් එය ආදේශ කර ගැනීමෙහි වරදක් නැත.

එමෙන්ම කන්තාවන් ඇඳිය යුත්තේ කළු පාට වස්ත‍්‍ර යැයි ඉස්ලාමය නියෝග කරන්නේ නැත. කළු පැහැයෙහි ආකර්ශනය අඩු නිසා අන් පිරිමින්ගේ අවධානය ලබා ගන්නට අකැමැති යහපත් ස්ත‍්‍රින් එකල එම පැහැය තෝරා ගත්හ.

අතීතයේ ලාංකික මුස්ලිම් ස්ත‍්‍රීන් සාරි ඇන්ද නිසා ඔවුන් එයම ඇඳිය යුතුය යැයි තර්කයක් ඉදිරිපත් වෙයි. සාරිය ඇන්ද විට පවා මුස්ලිස් කාන්තාවන් එමගින් හොඳින් සිරුර වසා ගත් බව අතීතය දන්නෝ දනිති. එපමණක් නොව එකල බොහෝ මුස්ලිම් කාන්තාවන් සාරියට උඩින් හිස ආවරණය වන පරිදි සරමකුත් දැමා ගනිති. ඒ මිස අද මුස්ලිම් නොවන්නන් අඳින ආකාරයේ අඩ නිරුවත් සාරි බ්ලවුස් මුස්ලිම් කාන්තාවන් එදා ඇන්දේ නැත. දැන් බුරිය පියයුරු හා පිටුපස සම්පූර්ණයෙන්ම පෙනෙන විදිහට අඳින හැට්ටය හා සාරිය සංවර ඇඳුමක් යැයි කාටත් කර්ක කළ නොහැක. අද කාලයේ සාරි බ්ලවුස් ඇඳ යන කතක් දකින පිරිමින්ගේ සිත්වල ඇති විය හැක්කේ කාමුක අදහස්මය. එපමණක් නොව අඩ නිරුවත් අසංවර ඇඳුමෙන් සැරසී සිටින කතුන් සමග සාමාන්‍ය ලෙසින් කථා කළද පිරිමින් එක්වන තැන එම කතුන් හා ඔවුන්ගේ ඇඳුම් මෙන්ම අඟපසඟ ගැන පිරිමින් කථා වෙන්නෝ බොහෝ විට අසභ්‍ය හා සරදම් ආකාරයෙනි. නමුත් අබායා පර්දාව වැනි ඇඳුමකින් මනා ලෙස සිරුර වසා ගත් මුස්ලිම් කාන්තාවක් ගැන එසේ පිරිමින් කථා කරන්නේ නැති බව කවුරුත් පිලිගනු ඇත.

කෙසේ හෝ වේවා එදා මුස්ලිම් කතුන් සාරිය පැළඳ සිටියේ වුවද එය ආගමානුකූල දෙයක් නොවේ. නමුත් එම ආකාරයේ ඇඳුම් එදා මුස්ලිම් කාන්තාවන් අතර තිබීමට හේතුව ආගම ගැන අද තරම් සංවේදි බවක් නොතිබීමය. ඉස්ලාමය හැර අන් කිසිදු ආගමක් ආගමික පුනරුදයක් සඳහා වෑයම් කරන බවක් කිව නොහැක. අන් සෑම ආගමක්ම යන්නන් වාලේ යන හා නවීන යුගයේ තාලයට නටන්නන් බවට පත්ව සිටින විට මුස්ලිම් ආගමික විද්වතුන් කැපවීමෙන් කටයුතු කරමින් මුස්ලිම්වරුන් අමතක කළ ඉස්ලාමයේ යහපත් නිර්දේශවලට නැවතත් පණ දෙමි සිටිති. මුස්ලිම් තරුණ තරුණියන් ඇතුලූ මුස්ලිම් සමාජයේ ඇති වෙමින් තිබන ආගමික පුනර්ජීවයට හේතුව මෙයයි. එවන් පුනර්ජීවයක් තම තමන්ගේ ජනකොටස් අතර ඇති කිරීමට අපොහොසත් අන් ආගමික ප‍්‍රධානීන් කරන්නට කිසිවක් නොමැති සංවර මුස්ලිම් චර්යාවලට ගරහති. එය අන්තවාදය යැයි හෙළි දකිති. අරාබි සංස්කෘතියක් මෙහි බෝ කරන්නට මුස්ලිම්වරුන් තැත් කරන බවට මොර දෙති. අබායා වැනි ඇඳුම් ත‍්‍රස්ත කි‍්‍රයාවලට රුකුලක් යැයි පදනමක් නොමැතිව පවසති. මේ සියලූ අඳෝනා ඔවුන්ගේ නොහැකියාව වහ ගන්නට ඔවුන් කරන නිහීන වෑයම් මිස අන් කිසිවක් නොවේ. මෙ රටේ වසර තිහක කාලයක් පැවති බෙදුම්වාදී ගැටුම් සමයෙහි කිසිදු කොටි කාන්තාවක් පර්දාවක් ඇඳගෙන පැමිණ සිදු කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ගැන කොහේවත් අසන්නට නැත.

පර්දාව යනු කාන්තා නිදහසට බාධාවක් යැයි ඇතැමුන් කියති. නමුත් සත්‍යය නම් එය මුස්ලිම් කතුන්ට නිදහස ලබා දෙන ඇඳුමක් යන්නය. පාරේ යන අඩ නිරුවත් කාන්තාවන්ට උසුළු විසුළු කරන පිරිමින් පිරිසක් අසලින් කිසිදු බියක් සැකක් නැතිව යන්නට පර්දාව ඇඳි කාන්තාවකට හැකිය. ඒ අනුව බලන කල ස්ත‍්‍රීන්ට නිදහස ලබා දෙන ඇඳුම පර්දාව මිස මිනිගවුම නොවේ. සත්‍යය යනු දිය යට තබන්නට වෑයම් කරන බෝලයක් වැනිය. එය සැම විටම තැත් කරන්නේ උඩට එන්නටය. එය වැළික්වීමට කිසිවෙකුට නොහැක.