ඉස්ලාම් දහම හා එහි මූලික සංකල්පයන්

ඉස්ලාම් දහම හා එහි මූලික සංකල්පයන් පිළිබඳ විස්තර කිරීමේදී පළමුව පැවසිය හැක්කේ ඉස්ලාම් යනු පූර්ණ ජීවන රටාවක් ලෙසය මිනිස් ජීවිතයේ සෑම ක්ෂේත‍්‍රයටම සෑම අංශයටම එය මග පෙන්වයි මිනිසකු උදෑසන නැගිට පිරිසිදු වීමේ සිට රාතී‍්‍ර නින්දට යන තෙක් සියලූම කි‍්‍රයාකාරකම් කෙරෙහි ඉස්ලාම් තම මගපෙන්වීම හා උපදේශය ලබාදෙයි අවසාන වශයෙන් එය පවසා සිටින්නේ සකල ලෝකයම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට අවනත වී ඔහුගේ තෘප්තිය සඳහා ජීවත් වී මෙලොව හා එලොව ජය ලබාගැනීමයි ඉස්ලාම් ධර්මයට අනුව එහි මූලික ශීලයන් 5ක් ඇත

එනම්

1. විශ්වාසය

2. පංචකාල සලාතය නම් වූ නැමදුම

3. සකාතය නම් වූ දුගී බද්ද

4. සව්ම් නම් වූ උපවාසය

5. හජ් නම් වූ මක්කා වන්දනාව

පළමු ශීලය-විශ්වාස කළ යුතු අංග 6

දෙවිඳුන් හා ඔහුගේ දුතයාණන් පිළිබඳ විශ්වාසය

එහි පළමු කුළුණ නම් විශ්වාසයයි එනම් සකල ලෝකයම මවා පරිපාලනය කරන්නා අල්ලාහ් දෙවිඳුන් බවටත් ඔහුට සමාන කිසිවෙක් නොසිටින බවටත් ඔහු සියලූම දේ කෙරෙහි බලසම්පන්න බවටත් විශ්වාස කිරීමයි එය සමග අවසාන දේව දුතයාණන් ලෙසට පැමිණි මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා හා පරම දුතයා බවටත් සාක්ෂි දැරීමයි අල්ලාහ් දෙවිඳුන් තමා පිළිබඳ ශුද්ධ වූ අල්-කුර්ආනයේ එක් පරිච්ෙඡ්යක මෙසේ පවසයි

iklas

(අල්-කුර්ආන් : 112 පරිඡ්චේදය*

 

(නබිවරයාණෙනි* පවසන්න අල්ලාහ් ඔහු ඒකියෙකි ඔහු අවශ්‍යතාවයන්ගෙන් තොර වූ කෙනෙකි ඔහු උපත ලැබුවේද නැත (කිසිවෙකු හෝ* වදන්නේද නැත ඔහුට සමානව (ආදේශව* කිසිවෙකුත් නැත

අල්ලාහ් දෙවිඳුන් පිළිබඳ විස්තර කිරීමේදී දහසක් වූ කරුණු කාරණාවන් පැවසිය හැක එයට මෙම නිබන්ධනය ප‍්‍රමාණවත් වන්නේ නැත එනමුත් අවසාන වශයෙන් එක් දෙයක් ඔහු පිළිබඳ පැවසිය හැක එනම් ඔහු තම ගැත්තන් කෙරෙහි ඉතා ආරවන්තයාය කරුණාවන්තයාය දයාවන්තයාය පව් සමාව ඔහු බෙහෙවින් පි‍්‍රය කරන්නේය මුහුදේ පෙණ තරම් කෙනෙකු පාපයන් කර සිටියත් ඔහුටද ඔහු පව් සමාව ලබා දෙන්නේය එසේම කවරෙකු ඔහු හා ඔහුගේ දුතයාණන් විශ්වාස කර කලිමාව නම් වූ විශ්වාස ප‍්‍රතිපත්තිය මුවින් පවසන්නේද ඔහු ස්වර්ගයට යැවීමටද අල්ලාහ් පොරොන්දු වන්නේය අල්ලාහ් දෙවිඳුන්ගේ ස්වරූපය පිළිබඳවත් ඔහුගේ පැවැත්ම පිළිබඳවත් ඔහුගේ ආරම්භය වැනි ගුප්ත දෑ පිළිබඳවත් සොයා නොබැලිය යුතු බවට ඉස්ලාම් අවධාරණය කරයි

සුරදුතයන් වන මලාඉකාවරුන් පිළිබඳ විශ්වාසය

විශ්වාස කළ යුතු බවට ඉස්ලාම් පවසන 2වන කාරණව වන්නේ අල්ලාහ්ට සදා නොපිටුපාන්නා වූ කීකරු ගැත්තන් වන මැලැක්වරුන් පිළිබඳ විශ්වාසයයි ඔවුන්ට අප සුරදුතයන් යැයි කිව හැක ඔවුන් පියවී ඇසට නොපෙනෙන්නා වූ අල්ලාහ්ගේ පුදුමාකාර මැවීමකි මිනිසුන්ට වඩා බලවත් අන්දමින් ඔවුන් මවා ඇති අතර ස්තී‍්‍ර පුරුෂ ලිංග භේදයන් ඔවුන් තුළ නැත ඔවුන්ට ආශාව පිපාසය බඩගින්න වැනි හැගීම් නැත අල්ලාහ් දෙවිඳුන්ගේ අණ සදා ඉටු කිරීමට ඔවුන් සැදී පැහැදී සිටිති ඔවුන්ගේ සංඛ්‍යාව පිළිබඳ ඥානය ඇත්තේ දෙවිඳුන් වහන්සේට පමණි එනමුත් ප‍්‍රධාන මැලැක්වරුන් 10 දෙනෙකු සිටින බවට අල්-කුර්ආනය සහ නබි (සල්* තුමාණන්ගේ ජීවන ක‍්‍රමය වන අල්-හදීස් ප‍්‍රකාශ කරයි

ශුද්ධ වූ ග‍්‍රන්ථයන් පිළිබඳ විශ්වාසය

විශ්වාස කළ යුතු බවට ඉස්ලාම් පවසන 3වන කාරණාව වන්නේ ශුද්ධ වූ ග‍්‍රන්ථයන් පිළිබඳ විශ්වාසයයි එනම් අල්ලාහ් දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයා යහමග යැවීම පිණිස අල්ලහ්ගේ වක්තෘවරුන් වන නබිවරුන් හා රසූල්වරුන් හට එවා ඇති ශුද්ධ වූ ග‍්‍රන්ථ විශ්වාස කිරීමයි අල්ලාහ් විසින් මෙලොවට ශුද්ධ වූ ග‍්‍රන්ථ 4ක් එවා ඇත එනම් නබි මූසා (අෙලෙ* තුමාට තව්රාත් ග‍්‍රන්ථයද නබි දාවුද්  (අෙලෙ* තුමාට සබූර් ග‍්‍රන්ථයද නබි ඊසා (අෙලෙ* තුමාට ඉන්ජිල් ග‍්‍රන්ථයද නබි මුහම්මද් (සල්* තුමාට ෆුර්කාන් නැමැති අල්-කුර්ආන් ග‍්‍රන්ථයද අල්ලාහ් මැලැක්වරුන්ගේ නායකයා වන ජිබ්රීල් (අෙලෙ* තුමා මගින් පහළ කළේය එක් එක් කාලයන්හිදී ඒවා පහළ වූ අතර අවසන් වශයෙන් අල්-කුර්ආනය පහළ වී ලෝක අවසානය තෙක් එය මනුෂ්‍යා යහමග යැවීම පිණිස දෙවිඳුන් විසින් තෝරාගන්නා ලදී එනමුදු කලින් පහළ වූ ග‍්‍රන්ථද විශ්වාස කිරීම ඊමානයේ එක් අංගයකි

දේවදුතයන් වන නබිවරුන් හා රසූල්වරුන් පිළිබඳ විශ්වාසය

අල්ලාහ් දෙවිඳුන් විසින් මෙලොව මනුෂ්‍ය වර්ගයා යහමග පෙන්වීම පිණිස ශුද්ධ වූ ග‍්‍රන්ථ එවා තබන ලද්දේ අල්ලාහ්ගේ ධර්ම දුතයන් වන නබිවරුන් හා රසූල්වරුන් වෙතය එනම් විශ්වාස කළ යුතු බවට ඉස්ලාම් පවසන සතරවන කාරණාව වන්නේ ධර්මදුතයන් විශ්වාස කිරීමයි හදීස්වල සඳහන් වී ඇති ආකාරයට මෙලොව ධර්මදුතයන් 124000 පහළ වුනෝය ඔවුන් එක් එක් කාලවලදී පහළ වූ අතර ඔවුන්ද අප මෙන් සාමාන්‍ය මනුෂ්‍යයෝ වූහ එනමුත් ඔවුන්ට වහී නම් වූ දේව පණිවුඩය පහළ වන්නේය ඔවුන්ගේ කාර්්‍යභාරය වන්නේ මනුෂ්‍ය වර්ගයා දේව නීතියට හා අණට අනුව මගපෙන්වීමයි ඔවුන්ද අප මෙන් මනුෂ්‍යයෝය ඔවුන්ගෙන් අවසානවශයෙන් පහළවූයේ අප උත්තම මුහම්මද් (සල්* තුමාණන්ය ඔහුගෙන් පසු නබිවරයෙකුගේ හෝ රසූල්වරයෙකුගේ පැමිණීමක් නැත

අවසන් දිනය පිළිබඳ විශ්වාසය

විශ්වාස කළ යුතු බවට ඉස්ලාම් පවසන පස්වන කාරණය වන්නේ අවසාන දිනය පිළිබඳ විශ්වාසයයි එනම් දේව ඉරණමට අනුව මෙලොව එක් දවසකදී විනාශ වේ ඉස්රාෆීල් නැමැති සුරදුතයකු අල්ලාහ්ගේ අණට අනුව සූර් නැමැති නලාවක් ප‍්‍රථම වතාවට පිඹින විට මෙලොව සහමුලින්ම විනාශ වී යයි ඉන්පසු දෙවන සූර් පිඹින විට සියලූම මනුෂ්‍ය වර්ගයා මහ්ෂර් නම් පිටියෙහි එක්රැුස් වෙති ඉස්ලාම් දහමට අනුව මෙම දිනය විශ්වාස කිරීම අනිවාර්්‍ය වේ

කලාකද්ර් නම් ඉරණම පිළිබඳ විශ්වාසය

විශ්වාස කළ යුතු අවසන් අංගය වන්නේ යහපත හා අයහපත සියල්ල අල්ලාහ් දෙවිඳුන්ගේ අභිමතය පරිදි සිදුවන බවට විශ්වාස කිරීමයි එය කලා කද්ර් යැයි හදුන්වනු ලැබේ මෙම ඉරණම විශ්වාස කිරීම තුළින් සිතට මහඟු සැනසීමක් ලැබෙන අතර ඊර්ෂ්‍යාව නම් ගුණාංගය සමාජයෙන් තුරන් වේ

දෙවන මූලික ශීලය- සලාතය

මෙම කරුණූ සය විශ්වාස කිරීම  පළමුවැනි ඉස්ලාමීය මූලික කළුණ වේ ඉස්ලාමීය දෙවැනි මූලික කුළුණ වන්නේ සලාතය නම් වූ පංචකාල නැමදුමයි එනම් මුස්ලිම්වරයෙකු දිනකට අනිවාර්්‍ය ලෙස පස්වේල් සලාතය ඉටුකළ යුතුයි එය සුබහ් ලූහර් අසර් මඃරිබ් ඉෂා ලෙස නම් කළ හැක මෙම පස්වේල් සලාතය ඉටු කිරීම මගින් මහත් කුසල් හිමි වන අතර  ඕනෑකමින් ප‍්‍රතික්ෂේප කර ඉටු නොකිරීම මගින් මහත් අකුසල් හිමිවන අතර අල්ලාහ්ගේ බරපතල  දඬුවම් වලටද භාජනය වේ සලාතය මගින් මුස්ලිම්වරයෙකුට බොහෝ ප‍්‍රයෝජන හිමි වේ මෙම සලාතය අල්ලාහ් දෙවිඳුන් සමග සම්භාෂණයෙහි යෙදීමට ඔහු ඇති කර ඇති මහගු අවස්ථාවකි එතුළින් කෙනෙකු අල්ලාහ් දෙවිඳුන් සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන පාපයන්ගෙන් ඉවත් වීමම මෙම සලාතය නම් වූ නැමදුම තුළින් බලාපොරොත්තු වේ එසේම මෙම නැමදුම තුළින් සිත් සතුට හා සැනසීම අත් කර ගත හැක එලෙසින්ම එය කදිම ව්‍යායාමයකි කෙනෙකු සලාතය කිරීමට පෙර වුළුැ නැමැති දෝවනය කළ යුතුය ඒ තුළින් ශාරීරික පරිශුද්ධභාවයක් අත් කර ගත හැක සලාතය තනිව හෝ සාමුහිකව ඉටු කළ හැක සාමුහිකව ඉටු කිරීම මගින් එයට හිමිවන කුසල් අධිකය එයට හේතුව වන්නේ සාමුහික සලාතය මගින් මුස්ලිම්වරුන් අතර සමගියක් හා සහෝදරත්වයක් ගොඩනැගෙන නිසාය මුස්ලිම්වරයෙකු හා මුස්ලිම් නොවන්නෙකු අතර බෙදා දක්වන්නා වූ රේඛාව වන්නේ මෙම සලාතයයි

තුන්වන මූලික ශීලය- සකාතය

ඉස්ලාමීය තුන්වන මූලික කුළුණ වන්නේ සකාතයයි එනම් සාමාන්‍ය ව්‍යවහාරයෙන් එයට සරණ දීමනාව ලෙස හෝ දුගී බද්ද ලෙස නම් කළ හැක එනම් මුස්ලිම්වරුන් අතරින් සකාත් ගෙවීමට වත්කම් ඇති පිරිස යම් සුළු කොටසක් දුගී දුප්පතුන්ට අනිවාර්්‍යයෙන් එය ගෙවිය යුතුය එයට අදාළ නිසාබ් (ප‍්‍රමාණය* ක් ඇති අතර එම ප‍්‍රමාණය පූර්ණ වූ විට එයට අදාළ සකාත් ප‍්‍රමාණය ගෙවිය යුතුයි කෙටියෙන්ම කිවහොත් තමා හා තමන්ගෙන් යැපෙන්නන්ට සරිලන තරමේ වත්කමක් ඇති කෙනෙකු ඔහුට අතිරේකව ඇති වත්කම එයට අදාළ ප‍්‍රමාණය පූර්ණ වූ විට යම් නිශ්චිත පාර්ශවයක්ට ලබාදීම මින් අදහස් කෙරේ එය ලබාදිය යුතු කාණ්ඩද ඉස්ලාමය පාර්ශව 8කට වර්ග කොට ඇත උදාහරණයක් ලෙස අන්ත දුගීන් සාමාන්‍ය දුගීන් සරණ දීමනා එකතු කරන්නන් අළුතින් ඉස්ලාමය වැළඳ ගත් පිරිස ණයකාරයින් යනාදීන් නම් කළ හැක සකාත් දීම මගින් ඉස්ලාමීය ප‍්‍රධාන වගකීමක් ඉටු කළා පමණක් නොව එයට විශාල ප‍්‍රමාණයේ ආනිසංස ද අත් වේ අද කාලයට අනුව සකාත් තනිව ගෙවීමට වඩා සාමුහිකව ගෙවීම ප‍්‍රයෝජනවත් වන්නේය සකාත් ලබා දිය යුතු නිශ්චිත භාණ්ඩද ඉස්ලාමය විසින් කොටස් 5ක් ලෙස සඳහන් කර ඇත්තේය වත්කම් නියම අයුරින් ඇති කෙනෙකු ඔහුට අදාළ සකාත් නොගෙවා සිටීම දෙවියන් අභියස පාපකාරී කි‍්‍රයාවකි සකාත් ගෙවීම තුළින් වස්තුව හා ධනය පරිශුද්ධ වන අතර සිත් සතන්ද එයින් පිරිසිදු වේ අන් සහෝදරයා පිළිබඳ සිතේ ඇති වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව යනාදිය ඉන් ඉවත් වේ

සතරවන මූලික ශීලය- උපවාසය

ඉස්ලාමීය සතරවන මූලික කුළුණ වන්නේ උපවාසයයි එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව 9 වන මාසය ලෙස පැමිණෙන්නා වූ රමළාන් මාසයෙහි ඉටු කරන්නා වූ මූලික නැමදුමකි එනම් අළුයම සිට සවස් යාමය තෙක් උපවාසය රකිමි යන චේතනාවෙන් නොකා නොබී ශරීර සම්බන්ධයන්හි නොයෙදී සිටීමයි එපමණක් නොව බොරු කීම කේළම් කීම අපහාස කිරීම වැනි පහත් කි‍්‍රයාවලින්ද ඉවත් වී සිටිය යුතුයි නැතහොත් ඔහුගේ උපවාසයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නොමැති බවට මුහම්මද් (සල්* තුමාණන් පැවසුවේය ඉස්ලාමීය ධර්ම ග‍්‍රන්ථය වන ශුද්ධ වූ අල්-කුර්ආනය පහළ වූයේද මෙම රමළාන් මාසයෙහිය උපවාසය මගින් මනුෂ්‍ය වර්ගයාට ශාරීරික ලෙසත් මානසික ලෙසත් ආධ්‍යාත්මික ලෙසත් සුවයක් හා ප‍්‍රයෝජනයක් පවතී මූලික වශයෙන් උපවාසය තුළින් අල්ලාහ් දෙවිඳුන් බලාපොරොත්තු වන්නේ ඔහුට සහමුලින්ම අවනත වූ දේව බියබැතිමත්භාවය වර්ධනය කළ මනුෂ්‍යයෙකු බිහි වීමයි දුප්පතාගේ බඩගින්න දැනගැනීමද උපවාසයේ එක් අරමුණකි

පස්වන මූලික ශීලය – හජ් වන්දනාව

ඉස්ලාමීය ප‍්‍රධාන කුළුණු අතරින් අවසන් කුළුණ වන්නේ හජ් වන්දනාවයි මුහම්මද් තුමාගේ ඉගැන්වීම් වලට අනුකූලව හජ් කිරීම අනිවාර්්‍ය වන්නේ ප‍්‍රමාණවත් වස්තුව හා ශරීර සුවතා ඇති පාර්ශවයට පමණි එය මක්කාවේ පිහිටි ක×බතුල්ලාහ් නම් දේවස්ථානයට ගොස් ඉටු කරන්නා වූ නැමදුමකි එහිදී ක×බාව තවාෆ් නම් වූ ප‍්‍රදක්ෂිණා කිරීම වැදගත් වතාවත්වලින් එකකි ඉස්ලාමීය මාසයන් හි දුල් හජ් නැමැති මාසයේදී මෙම වන්දනාව ඉටු කරනු ලබයි මෙම මූලික කුළුණු හෙවත් වගකීම් 5 ඉටු කිරීම ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් අනිවාර්්‍ය වන්නේය එසේම විශ්වාස කළ යුතු කරුණූ සය විශ්වාස කිරීමද අනිවාර්්‍ය වන්නේය ඉස්ලාම් සෑම විටම මනුෂ්‍යයන්ගේ දහම ජීවිතය වස්තුව ගරුත්වය දැනුම යනාදියෙහි ආරක්ෂාව සහතික කිරීමට තම නිතීය හා ප‍්‍රතිපත්තිය යොදවන්නේය මනුෂ්‍ය සමාජය පාපයන්ගෙන් තොර වී සදාචාරයන්ගේ හිනිමංපෙත්තටම ගමන් කරමින් අවසානයේ ස්වර්ගය අත්පත් කර ගත යුතු බවට ඉස්ලාම් බලාපොරොත්තු වේ පහත් වූ නින්දිත කි‍්‍රයාවන් කිරීම අවසානයේ නිරය එනම් අපාය අත්කර දෙන්නා වූ කාර්්‍යයක් බවට ඉස්ලාම් ප‍්‍රකාශ කරයි