ඌරු මස් අනුභවය ඉස්ලාමය පිටු දකින්නේ ඇයි

3මනුෂ්‍යයකුගේ ජීවිතයට අවශ්‍යය ප‍්‍රධාන කාරණාවන් හතරක් ඇත.එනම් හිඳීමට වාසස්ථාන(නිවාස*,ආහාරපාන,වස්ත‍්‍ර සහ නිරෝගී ජීවිතයක් සඳහා බෙහෙත් යන්නය.ඒවා අතුරින් දිනපතාම අවශ්‍යය වන්නේ ආහාර සහ ජලයයි.අප ආහාර තෝරා ගැනීමේදී තම ශරීරයට හිතකර මෙන්ම ගුණදායක ආහාර තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ.තාකෂණික හා සොයා ගැනීම් අතින් දියුණු මෙවන් වකවානුවක විවිධ රෝගයන් සඳහා ප‍්‍රතිකාර හා ඖෂධයන් සොයා ගෙන ඇතත් වැදගත් වන්නේ නූිරෝගීමත් ශරීරයක් පවත්වාගෙන යාමය.මක්නිසාද නිරෝගීකම යනු මනුෂ්‍යයකුට ලැබිය හැකි උතුම් ලාභයක් වන බැවිනි.
වත්මන් ලෝකයේ ආගමික අතින් ගත් කළ නිර්මාංශික ආහාර අනුමත කරණ හා නොකරන  ආගම් හා දර්ශණ වාදයන් ඇත.එහෙත් මාංශමය ආහාර අනුමත කරණ සියළුම ආගම් සූකර මාංශ හෙවත් ඌරු මස් ආහාරයට ගැනීම අනුමත නොකරති.බුදු දහමෙහි පෙන්වා දෙන ආකාරයට, ගෞතම බුදුන්වහන්සේට චුන්ද නම් දඩයක්කාරයෙකු විසින් පිළිගන්වන ලද සූකර මාංශ ආහාරයක් වැළඳීම හේතුවෙන් පිරිනිවන් පෑමට ආසන්න මොහොතේදී අතීසාර රෝගය සෑදුන බව සඳහන්ව ඇත.හින්දු දහමෙහි එය විග‍්‍රහ කර පෙන්වා දෙන්නේ ඌරු මස් විකුණනු ලබන්නෙකුගේ දකුණු අත සහ වම් පාදය කැපිය යුතු බවත්,එවැනි පුද්ගලයන් තම දෙවියන් හෝ දෙමාපියන් නැමදුවද එම පාපය ගෙවා නිම කළ නොහැකි බවය.(මනුසූත‍්‍ර 5:19,5:51-52 විෂ්ණුසූත‍්‍ර 5:19* යුදෙව් හා කිතුණු දහම් වලද මෙය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත බයිබලයට අනුව (ලෙවී ව්‍යවස්ථාව 11:7,ද්වීතිය නීති සංග‍්‍රහය14:8,යෙසායා65:3-5*යන කඃතීන් වල පැහැදිලිව පෙන්වා දේ.ඉස්ලාමයට අනුව ශුද්ධවූ කුර්ආනයෙහිද සූකර මාංශ පිළිබඳව පැහැදිලිව පෙන්වා දේ.(කුර්ආන් 2:173-  5:3,60- 6:145 – 216:115*වක්‍යයන්.
එසේ නම් සියළුම ආගමිකයන් ඌරු මස් හෙවත් සූකර මාංශ අහාරයට ගැනීම පිළිබඳව එකම ආකල්පයක් දක්වන්නේ මක්නිසාද?.
ග්ලේන් ෂෙපර්ඞ්(ඨකැබ ීයැරයැරා* නම්  වෛද්‍යවරයා ”වොෂිංටන් පෝස්ට්”පුවත් පතට ලිපියක් සපයමින් පවසා ඇත්තේ, ඇමරිකාවේ හා කැනඩාවෙහි පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට මස් පිඩුවල විෂ බීජ පවතින බවය.මෙයට ප‍්‍රධානම හේතුව නම් ඔවුන් ඌරු මස් අනුභව කරන්නන් වීම බව ඔහු පෙන්වාදෙයි.වෛද්‍ය සන් සී මා ඕ(ිමබ ිැැ ප්ද*නම් ටන්ග්(ඔමබට*රජ පෙළපතින් බිහිවූ සනීපාක්‍ෂාව පිළිිබඳ විද්‍යාඥයෙකි.තමාට ලැබුනාවූ අග‍්‍රාමාත්‍ය තනතුර පවා ප‍්‍රතික්ෂේප කළ මොහු සෙන් සෙන් ලූ (ීයැබ ීයැබ ඛම*”සෞඛ්‍ය සටහන්”නම් තම කෘතියෙන් පෙන්වා දී ඇත්තේ ඌරු මස් ආහාරයට ගැනීම මගින් යටපත් වූ රෝගයන් නැවතත් මතු කරණ අතර, රක්තවාතය,හන්දිපත් ඉදිමීම, ඇදුම වැනි රෝගයන් ඇති කරණ බවයි. ඔහුගේ සොයා ගැනීම් වර්තමාන වෛද්‍යවරුන් පවා අනුමත කරති.
1 එක් එක් රටවල වෛද්‍ය වීශේෂඥ කණ්ඩායම් මගින් පවත්වන ලද පර්යේෂණයන් මගින් සොයා ගෙන ඇති කරුණු අනුව හෘදයාබාධ,අපස්මාරය,ධාරනශක්තිය අඩුවීම, අකලට කෙස්හැලීම, නොයෙක්් ආකාර පනුරෝග,වසූරිය,සෙංගමාලය වැනි රෝගයන්ට ඌරු මස් ආහාරයට ගැනීම මගින් බහුලව පැතිරෙන බව සොයා ගෙන ඇත.
මේ අනුව බලන කළ වර්තමානයේ බොහෝ භයානක රෝගයනට බලපා ඇති මූලික සධකයක් වන්නේ ඌරු මස් ආහාරයට ගැනීමේ ප‍්‍රථිඵලයන් ලෙස යැයි පෙනීයයි.බොහෝ විට රෝගයනට බෙහෙත් සොයා ගෙන ඇතිමුත්,වැදගත් වන්නේ රෝගයකට ගොදුරු නොවී තමා නිරෝගීමත්ව සිටීම නොවේද?.ඔබගේ මුදල් දී තාවකාලික රසයක් උදෙසා මෙළොව සදාකාලික රෝගියෙකු හා පීඩා විඳින්නෙකු වෙනවාද?.
ඉස්ලාමිකයෙකු ලෙසින් සූකර මාංශ හෙවත් ඌරු මස් ආහාරයට නොගත යුතු යැයි පවසන්නේ මෙවැනි හේතූන් මතය.සර්වබලධාරී විශ්වයාධිපති අල්ලාහ් සිය වකතෘවරුන් මගින් ලොවට ඉන් වලකින්නැයි පෙන්වා දුන්නේ මෙම හේතූන් මතය.ඔබ කුමණ භක්තියක් අනුගමනය කළද මේ පිළිබඳව මඳක් සිතන්න.එය ඔබගේ මෙළොවත් පරළොවත් ජීවිතය සඵළවත් කර ගැනීමට ප‍්‍රයෝජනවත්ය.