ප්‍රංශ කාන්තාවක් වන මේරි සෝෆියා විසින් ජනාධිපති මැක්‍රොන්ට ලියන ලද ලිපියක්..

මාලිගේ කැරලිකාර කණ්ඩායම් විසින්
අවුරුදු හතරක් විතර
ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිට
පසුගිය සිකුරාදා 09.10.20 නිදහස් වූ
ප්‍රංශ වීරවරිය වන
මරියම් (අවු. 75) ඉස්ලාමය
වැළඳගෙනීමෙන් පසු ප්‍රංශයේ ජනාධිපති
එමානුවෙල් මැක්‍රොන් වෙත
ලියු ලිපි විවිධාකාරව මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කර ඇත.
මෙන්න එහි සිංහල අනුවාදය ..

මේරි පෙට්‍රොන් විසින් ප්‍රංශයේ ජනාධිපති ගරු මැක්‍රොන් මහතාට

සත්‍යයේ මාවතේ ගමන් කරන අයට සාමය හා සන්සුන් භාවය ලැබේවා!

ඔබ මහත් කම්පනයකින් හා පුදුමයකින් සිටින බව මම දැන ගත්තෙමි.

ඔබට ඇති වූ කම්පනය යුක්ති සහගත ය. කතෝලික ආගම අනුගමනය කරන ප්‍රංශ ජාතික සෝෆියා පෙට්‍රොන් ( සුදු ජාතික) කාන්තාවක් වන මම වයස අවුරුදු 75 න් පසු ඉස්ලාම් ආගමට හැරෙන්නේ කෙසේද?වසර හතරක් මුස්ලිම්වරුන් විසින් වහල්භාවයෙන් ඉඳ නිදහස් වූ විට මෙවැනි සිදුවීමක් සිදුවෙන්නේ කෙසේද? මෙය තමයි ඔබේ ලොකුම පුදුමය වනු ඇත.මෙය සිදු වූයේ කෙසේද?
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

එම රහස මම විස්තරාත්මකව පවසන්නම් අසන්න.

WhatsApp Image 2020-11-05 at 2.25.38 PMමාව මුස්ලිම්වරුන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි බව සත්‍යයකි, නමුත් ඔවුන් කිසි විටෙකවත් මට අයහපත් ලෙස සැලකුවේ නැත.ඔවුන් මට ඉතා ගෞරවයෙන් හා ශීලාචාර ලෙස සැලකූහ.

මට ඔවුන් ආහාර පාන හා රැකවරණය ලබා දීමේදී කිසිම අඩුපාඩුවක් නොතිබිබේය.

ඔවුන්ට ප්‍රමාණවත් මූලික සම්පත් නොතිබුණි.
විවිධ අඩුපාඩු තිබුණත් සහන සහිතව මගේ අවශ්‍යතාවය සපුරාලීමට ඔවුන් උනන්දු වූහ.
ඔවුන් කිසි විටෙකත් මා නින්දාවට පත් වූ ආකාරයට හැසිරුණේ නැත.

කිසිවෙකු මට වාචිකව හෝ ශාරීරිකව රිදවූයේ නැත.ඔවුන් මගේ පෞද්ගලික කාරණා ඉතා ගෞරවයෙන් සැලකූහ.ඔවුන් මගේ ආගම විවේචනය කළේ නැත.

මුහම්මද් නබි (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාට අපහාස කර නින්දා කරනු ඇති බැවින් ඔවුන් ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමා හෝ ඔහුගේ මව මරියම් (ඇයට ශාන්තිය ඇති වේවා) තුමිය ට අපහාස කළේ නැත.

ඔවුන් ඉස්ලාමය මා මත පැටවූයේවත්, ඉස්ලාමය වැලඳ ගැනීමට ඔවුන් මට බල කළේවත් නැත. කෙසේ වෙතත්, ඔවුන්ගේ සංස්කෘතිය හා එදිනෙදා ජීවිතයේදී ඔවුන් කරන ක්‍රියාවලින් මම ඉස්ලාමය දැනගත්තෙමි.ඔවුන් වතුරෙන් සෝදා ඔවුන්ගේ ගැළවුම්කරුවා වෙනුවෙන් යාච්ඤා කරන ආකාරය මම දුටුවෙමි.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

මාලි යනු බටහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන දුප්පත් රටකි. එහි මුස්ලිම්වරු දරිද්‍රතාවයෙන් පෙළෙති.ඔවුන්ට අයිෆල් කුළුණ නැත. අපේ රටේ තරම් උසස් තත්ත්වයේ සුවඳ විලවුන් ඔවුන් දැක නැත.
ඔවුන්ට සුඛෝපභෝගී වාහන නොමැත. ඔවුන්ට තරු හෝටල් නැත. ඔවුන් මන්දිරවල වාසය නොකරති. නමුත් ඔවුන්ගේ හදවත උසස්ය. ඔවුන්ගේ බලාපොරොත්තුව කන්දකට වඩා ශක්තිමත් ය. ඔවුන්ගේ හදවත් නිතරම දෙවිඳුන්ගේ නම පවසයි.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

ඔබේ ජීවිත කාලය තුළ අල්-කුර්ආනය පාරායනය කිරීම ඔබ අසා තිබේද? ඔවුන් දිවා රෑ නොබලා අල්-කුර්ආනය පාරායනය කරති. ඔවුන් රාත්‍රී යාච්ඤා වලදී ද එය පාරායනය කරති. එය මොනතරම් සුන්දර සහ මිහිරි පාරායනයක්ද?
ඔවුන් අල් කුර්ආනය කටපාඩම් කර එය හදවතින්ම කියවනු ඇත. ඔබ එයට ඇහුම්කන් දෙන විට, එය මිනිසාගේ වචනය නොවන බව ප්‍රතිභානය ඔබට වැටහෙනු ඇත.

උදේ සවස පාරායනය කරන අල් කුර්ආන් වාක්‍යවලට සවන් දෙන විට, එහි තේරුම දැන ගැනීමට ඇති අප්‍රමාණ ආශාව ඔබේ ආත්මයට ගලා එනු ඇත.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

ඔබ කවදා හෝ ඔබේ ජීවිතයේ මුස්ලිම්වරුන් මෙන් හිස නමා ආචාර කර තිබේද? ඔබේ කනස්සල්ල ගැන ඔබ දෙවියන් වහන්සේට පවසා තිබේද? දෙවියන් වහන්සේගේ දීමනා සඳහා ඔබ කවදා හෝ ස්තූති කර තිබේද?

ඔවුන් ධනවත් හෝ දුප්පත් වුවත් ඔවුන් දෙවියන් වහන්සේ සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ එලෙසය. ඔවුන්ගේ ජීවිතවල ඇති තෘප්තිය දෙස බලන්න. ඔබගේ ජීවිතයේ දහස් සංඛ්‍යාත ජනකායක් දෙස බලන්න.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

ඔවුන්ගේ ශරීරය අඟුරු මෙන් කළු ය, නමුත් ඔවුන්ට කිරි සුදු පැහැති හදවතක් ඇත. ඔවුන් සරල ඇඳුම් අඳිති. ඔවුන් රූපලාවණ්‍ය රැජිනියන් වන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට පමණි.

ඔවුන් තම නිර්මලකම ආරක්ෂා කරනු ඇත. ඔවුන් තම ස්වාමිපුරුෂයන් පාවා නොදෙනු ඇත. ඔවුන් තම සහකරු හෝ සහකාරිය අතහැර දමා බල්ලන් සමඟ කතා නොකරනු ඇත. ඔවුන් පරදාර සේවනය නොකරනු ඇත, මත්පැන් පානය නොකරනු ඇත, සූදුවේ නියැලෙන්නේ නැත.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

එහි සිටින මුස්ලිම්වරුන්ට සියලු නබිවරුන් කෙරෙහි විශ්වාසයක් ඇත. ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමා ඔවුන් සමඟ සිටී. ඔවුන් අපට වඩා ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාට ඔවුන්ගේ මව මරියම් (ඇයට ශාන්තිය ඇති වේවා) තුමියට ආදරය කරයි.

මරියම් (ඇයට ශාන්තිය ඇති වේවා) තුමියට නබි (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාණන්ගේ දියණිය සහ ඔහුගේ බිරිඳ කදීජා තුමියට දෙන ගෞරවය දෙති.

මරියම් (ඇයට ශාන්තිය ඇති වේවා) තුමියට ඔවුන් මා කෙරෙහි දක්වන ආදරය හා සෙනෙහස මා තුළ පෙලඹීමක් ඇති කළේ ඒ නිසාය.
.
.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

ඔවුන් අපට වඩා ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාට ආදරය කරන්නේ කෙසේදැයි ඔබ ඇසිය හැකිය.

ඔව්, ඔවුන් ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාට ඇති ප්‍රේමය අපට වඩා විශාලයි. අපි අහිංසක දුප්පතුන්ගේ ජීවිත ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමාගේ නාමයෙන් පානය කර ඇත්තෙමු. අපි ඔවුන්ගේ රට ආක්‍රමණය කර ඔවුන්ගේ දේපළ කොල්ල කෑවෙමු.

අපි ඔවුන් අතර කැරලි ඇති කර ආයුධ විකුණා, ඔවුන්ගේ සාමකාමී ජීවිත පූජා කර ඇත්තෙමු.

අපි ඒ සියල්ල කර ත්‍රස්තවාදීන් ලෙස ඔවුන්ව ලෝකයට පෙන්වා ඇත්තෙමු.
ඇත්ත වශයෙන්ම, අපි සැබෑ ත්‍රස්තවාදීන් වන අතර ඔවුන් එය ද දනිති.

නමුත් ඔවුන් මටත් අනෙක් ප්‍රාණ ඇපකරුවන්ටත් සැලකුවේ ජේසුස් (ඔහුට ශාන්තිය ඇති වේවා) තුමා ගේ මානුෂික ගුණාංගවලින්.

එම සත්‍යයන් අපට උගන්වා ඇත්තේ ආගමයන්ගෙන් ය. අපි එම සංස්කෘතීන් දේවාලවල ඉගෙන ගත්තෙමු. එහෙත් ප්‍රායෝගික ජීවිතයේ දී එය අප සමඟ නොවේ. එය මුස්ලිම්වරුන් සමඟ ය.

ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

ඉස්ලාමයේ මානුෂීය ස්වභාවය සහ එහි සරල ජීවන රටාව දැකීමෙන් පසුව මා වසර හතරක් සිරගතව සිටින මාලි හි ඉස්ලාම් දහම කෙරෙහි මගේ ආදරය ප්‍රකාශ කිරීමට මට අවශ්‍ය නැත.

හේතුව, කඩුවට ඇති බිය නිසා තමන් ඉස්ලාම් ආගමට හැරුනේ යැයි බොහෝ අය සිතනු ඇත. මම මගේ මව්බිමෙහි නිදහස්ව සිටියදී මම මුස්ලිම්වරයෙකු බව ප්‍රකාශ කිරීමට තීරණය කළෙමි.

ඉස්ලාමයේ දූතයා මිලියන ගණනක් ප්‍රංශ ජාතිකයින්ට සහ යුරෝපයේ වෙසෙන කිතුනුවන්ට සහ අදේවවාදීන්ට හඳුන්වා දීමට හැකි වනු ඇතැයි මම තීරණය කළෙමි.
ගරු මැක්‍රොන් මහත්මයාණෙනි!

මා දන්නා නිශ්චිත ආගම මෙයයි. ඔබ දිවා රෑ නොබලා කුමන්ත්‍රණ රාශියක් සමඟ සටන් කරයි. ඔබ සහ බටහිර රටවල නායකයින් ත්‍රස්තවාදයට එරෙහි සටනේ නාමයෙන් මුස්ලිම්වරුන් ජීවත් වන භූමිය ආක්‍රමණය කරති.

ඔබ ඒ සඳහා බොහෝ ව්‍යාජ සාධාරණීකරණයන් ප්‍රචාරය කරමින් සිටී. ඔබ ඉස්ලාමය විනාශ කිරීමට සිහින දකින ඊශ්‍රායලයේ කුමන්ත්‍රණ සැලසුම් වලට උදව් කරයි.

නමුත් ඉස්ලාමයේ පාරිශුද්ධ භාවය ගැන මා තුළ පැහැදීමක් ඇති විය. ඉස්ලාමයේ මනුෂ්‍යත්වය මගේ සිහිකල්පනාවෙන් තාර්කිකව කැරලි ගැසීය.

දර්ශනීය ප්‍රංශයේ ස්වාභාවික සුන්දරත්වයට වඩා මාලිගේ සරල බව මට පෙනේ. මම නැවත එහි ගොස් ජීවත් වීමට කැමැත්තෙමි.

මගේ පවුලේ අයට, සමීප ඥාතීන්ට, හිතවත් මිතුරන්ට සහ රට වැසියන්ට මට ලැබුණු සතුට ගැන මම ඔවුන්ට ප්‍රකාශ කරමි.

එම නිර්මල ඉස්ලාමයේ වෙතට පැමිණෙන ලෙස මම ඔබට ආරාධනා කරමි. ඉස්ලාමය පිළිබඳ ඔබේ වැරදි වැටහීම් සමාලෝචනය කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉස්ලාමයේ නැඟෙන හිරු දැකීම සඳහා හෙට ලෝකය අවදි වනු ඇතැයි කියා මම බලාපොරොත්තු වෙමි.

සර්වබලධාරී අල්ලාහ්ට එය කළ නොහැකි දෙයක් නොවේ. මම සම්පූර්ණ විශ්වාසයෙන් එම අල්ලාහ් වෙත ආපසු යන්නෙමි.

සත්‍යයට ඇලුම් කර එම මාවතේ ගමන් කරන අයට සාමය හා සන්සුන් භාවය ලැබේවා!

දැනට,

ඉස්ලාමයේ සෙවණෙහි නැවත උපත ලැබූ මම

– මේරි පෙට්‍රොන්

“ඇයි මම ඉස්ලාම් ආගමට හැරුනේ”

දෙමළ ආකෘතිය: මුහම්මද් බකිහුදීන්

සිංහල පරිවර්තනය:
ඉන්තිකාෆ් උමරි

Share on Facebook

Leave a Reply

Your email address will not be published. Required fields are marked *