මේජර් ජෙනරාල් ඒ. එස්. එම්. සාහිර්

බෙදුම්වාදී කුරීරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම උදෙසා බුද්ධියෙන් කටයුතු කල මුස්ලිම් රණවිරුවන් අතුරින් මා සඳහන් කරන්නට යන්නේ එවන් වූ සුවිශේෂී රණවිරුවෙකු පිළිබඳවයි. මේ මෑතකදී මහනුවර ගෙලිඔය ප්‍රදේශයේදී පැවැත්වුනු එක්තරා සම්මන්ත්‍රණයකදී යුද සමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටි උසස්ම නිලධාරියෙකු සඳහන් කලේ යුධ සමයේ අපේ බුද්ධි අංශවල වැඩිපුරම සිටියේ මුස්ලිම් නිලධාරින් WhatsApp Image 2020-11-14 at 6.42.11 AMබවයි. එසේනම් එම ප්‍රකාශය සනාථ කල හැකි හොඳම උදාහරණයක් වනුයේ මෙම නිලධාරියාය. ඔහු නමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අබ්දුස් සමද් මොහොමඞ් ස‘ාහිර් (ආර්.එස්.පී) මහතාය.

මේජර් ජෙනරාල් ඒ. එස්. එම්. සාහිර් (ආර්.එස්.පී) මහතා උපන් ප්‍රදේශය මාතලේ වන අතර අධ්‍යාපනය ලැබුවේ මාතලේ සහිරා විදුහලේය. පාසල් වියේදීම හොකී ක්‍රීඩාව පිළිබඳව විශේෂ දස්කම් දැක්වූ එතුමා සිය පාසැලේ හොකී කණ්ඩායම, මාතලේ දිස්ත්‍රික්ක හොකී කණ්ඩායම, මධ්‍යම පළාත් හොකී කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමද නියෝජනය කල අතර පසුව
ශ්‍රී ලංකා යුධ හමුදා හොකී කණ්ඩායමද නියෝජනය කලේය. මාතලේ සහිරා විදුහලේදී අ.පො.ස (උ. පෙ) විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව 1979 වසරේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී අදාල පුහුණුවෙන් පසුව 1980 වසරේ අධිකාරියට පත්විය. පසුව ඔහුව පළමුවන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද අතර ඉන්පසුව සේවා අවශ්‍යතාවය මත එතුමාව බුද්ධි බලකාය වෙත ඇතුලත් කරන ලදි.
මෙම නිලධාරියා සිය යුධ හමුදා සේවා කාලය තුලදී ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, මැලේසියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල පාථමාලාවන් කිහිපයක්ම හදාරා ඇත. එසේම ඔහුගේ යුධ හමුදා සේවා කාලය තුලදී ඔහු යුධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂක, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂක ඡිහජදකදටසජ්ක ධචැර්එසදබල ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (JHO) හි G 1 (int)
DGGS (Director General General Staff) වැනි තනතුරුද වන්නි සේනාංකයේ BGS (Brigadier General Staff) තනතුරද මාන්කුලම් 562 බලසේනාවේ සහ ත්‍රිකුණාමලය 211 බලසේනාවේ බල සේනාධිපති ලෙසටද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙසටද සේවය කර ඇත.
මෙතුමා යුධ සමයේ ක්‍රියාන්විත මෙහෙයුම්වල යෙදී ඇති අතර මෙතුමාට යුධ හමුදාව මගින් රණ සේවා පදක්කම මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා 50 වැනි සංවත්සර පදක්කම, සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ශ්‍රී ලංකා 50 වැනි නිදහස් සමරු පදක්කම, පූර්ණ භූමි පදක්කම, රිවිරැස පදක්කම සහ වඩමාරච්චි යන පදක්කම්ද පිරි නමා ඇත.
එවන් වූ විශිෂ්ඨ සේවාවක් ඉටුකල මෙතුමා 2010 මැයි මස 07 වන දින යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබු අතර ඔහු එක් පුතෙකුගේ ආදරණීය පියෙකුද වේ. දැනට මෙතුමා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබු / නිත්‍යානූකූලව අස්ව ගිය අයවලූන් හට කිසියම් සේවයක් ඉටු කිරීමේ අරමුණින් කොළඹ ප්‍රදේශයේ ‘ඇන්කා කන්සල්ටන්ස් ඇන්ඞ් සර්විස් පුද්ගලික සමාගම’ නමින් පෞද්ගලික ආරක්ෂක සේවයක් ආරම්භ කර එහි කළමනාකාර අධ්‍යක්‍ෂක ලෙසට කටයුතු කරයි.
සිය උපන් දේශය වෙනුවෙන් මිල කල නොහැකි විශිෂ්ඨ වූ සේවාවක් ඉටු කල මෙවන් වූ උසස් නිලධාරියෙකු අපගේ ජාතියට ආඩම්බරයක් වන අතර අපගේ තරුණ පරපුරටද මහත් ආදර්ශයක් වනවා නොඅනුමානය.
සාකච්ජා කර සටහන් කලේ:
සාම විනිසුරු එම්. අයි. එම්. මිහිලාර් (යු.එස්.පී)

Comment ( 1 )

  • M.I.M.Mihilar, USP

    මා දන්නා පරිදි පසුගිය වකවානුවේ පැවති කුරීරු ඊලම් යුද්ධයේදී සිය උපන් දේශයේ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම වස් මුස්ලිම් සහ මැලේ ජාතික රණවිරුවන් 300 කට අධික ප්‍රමාණයක්ද සිය ජීවිතය පුද කර ඇත. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කල මුස්ලිම් සහ මැලේ ජාතික රණවිරුවන් ඒ හා සමාන ප්‍රමාණයක් යුද්ධයේදී තූවාල ලැබ ආබාධිත තත්වයට පත් වූහ. මෙම රණවිරුවන් පිළිබදව අප විසින් සමාජය දැනුම්වත් කල යුතුයි. නැතහොත් අනාගතයේදී ඔවුන් පිළිබදව මතකයන් අපට මෙන්ම අපගේ අනාගත පරපුරටද අමතකව යනු ඇත. එසේ එම රණවිරුවන් පිළිබදව සමාජයේ දැනුම්වත් කිරීම සදහා මෙවන් වූ පුවත් පලකිරීම සදහා එසේ රට වෙනුවෙන් සිය ජීවිතය පුද කල රණවිරුවන් , ආබාධිතයින් සහ දැනට විශ්‍රාම ගෙන සිටින රණවිරුවන් පිළිබදව තොරතුරු ඔබ දන්නෙහි නම් 0712387198 හෝ 0766587196 දරණ දූරකතන අමතා අදාල තොරතුරු මා වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Leave a Reply to M.I.M.Mihilar, USP Cancel reply