සත්යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (පළමු කොටස)

alquraan.jpg

එක් එක් දහම් හි තමන්ගේ ආගමික විශ්වාසය පදනම් වී ඇති ආකාරයෙහි වෙනස්කම් දැකිය හැක. ඉස්ලාමීය නොවන ජනයාට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ඇති පාරභෞතික මහා කාරුණික දෙවිඳුන් පිළිබඳ විශ්වාසය එක්තරා අයුරකින් ප්රහේලිකාවක් බවට පත් ව තිබිය හැක. එවන් අයෙකුට විචාරය, යථාර්ථය, බුද්ධිය හා විද්යාව

Reading Al Quran in the mosque

පදනම් කර ගනිමින් කරුණු කිහිපයක් ඉතා සංක්ෂිප්තව මේ සම්බන්ධයෙන් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. වැඩි විස්තර සඳහා “මිනිස් ජීවිතයේ අරමුණ” නම් ග්රන්ථය කරුණාකර කියවන්න.

අල් කුර්ආනය සදාතනික ප්රාතිහාර්යයකි

අල් කුර්ආනය යනු දෙවිඳුන් විසින් මනුෂ්ය වර්ගයාට නිවැරදි මඟ පෙන්වීම උදෙසා පහළ කරන ලද අවසන් දිව්යමය මාර්ගෝපදේශයයි. මිනිසා මිහිතලය මත තම ජීවිතය ආරම්භ කළ පළමු දිනයේ සිට වරින් වර මිනිසුන්ගෙන් තෝරා ගනු ලැබූ ශ්රේෂ්ඨ මිනිසෙකුට දෙවිඳුන් විසින් නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට මිනිස් වර්ගයා ව යහ මගට ආරාධනා කිරීම ඉතිහාසය තුළින් අප දක්නා සත්යයකි. අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ දැනට වර්ෂ 1450 කට පමණ පෙර මක්කාහ් නගරයේ ජීවත් වූ කිසිදු සම්මත අධ්යාපනයක් නොලැබූ අනාථ දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු මුහම්මද් තුමාණන්ගේ හතළිස් වන වියේ සිට එතුමාණන් මෙලොවින් සමු ගත් හැට තුන් විය දක්වා වූ අවුරුදු විසි තුනක කාල පරාසයක් තුළය.

දෙවිඳුන් පිළිබඳ සාධක අතුරින් අල් කුර්ආනය ප්රබල සාධකයකි. එහි භාෂා ශෛලිය අසමසමය, එහි අන්තර්ගත ප්රඥාව හා මාර්ගෝපදේශනය අතීත, වර්තමාන මෙන්ම අනාගතයට ද යෝග්ය අයුරින් ඉදිරිපත් කොට ඇත.

• එහි වැරදි හෝ කිසිදු පරස්පරතාවක් නොමැත

• දෙවිඳුන් පිලිබඳ ඉතා පිරිසිදු හා පැහැදිලි සවිස්තරාත්මක සටහන්

• අරාබි භාෂා ශෛලියේ උත්තරීතර අලංකාරත්වය

• අකුරු නොදැන සිටි මුහම්මද් තුමාණන් මගින් ලොවට හෙළිදරවු කරන ලද්දකි

• කිසිදු වෙනස් කිරීමකින් තොරව ආරම්භයේ සිට අවුරුදු 1450 ක කාලයක් සුරක්ෂිත ව ඇත

• මිනිස් ජීවිතයේ සෑම පතිකඩයකටම නිවැරදි මඟ පෙන්වීමක් .

• අරාබි මෙන්ම අරාබි නොවන වයස අවුරුදු අට වැන්නන් ඇතුලත්ව මිලියන ගණනක පිරිසක් විසින් වනපොත් (කට පාඩම්) කොට ඇත.

• කුර්ආනය හෙළිදරවු කරන ලද කාලයේ නොදැන සිටි එමෙන්ම නුතනයේ සොයාගත් විද්යාත්මක හා alquraanඓතිහාසික කරුණු අන්තර්ගතය

“තවද තිරසාරව විශ්වාස කරන්නන්ට මිහිතලයෙහි සංඥාවන් (සාධක) ඇත. තවද නුඹලා තුල ද (සංඥාවන් ඇත) නුඹලා (එය) නිරීක්ෂණය නොකරන්නෙහු ද?” (අල් කුර්ආන් 51:20-21)

“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා මත ගැටුම්) දකිනු ඇත”. (අල් කුර්ආන් 4:82)

“(නබිවරය) මෙය (අල් කුර්ආනය) ට පෙර නුඹ කිසිදු පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්ය වන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට ඉඩ තිබිණි”. (අල් කුර්ආන් 29:48) (මතු සම්බන්දයි)

Share this post

PinIt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

scroll to top