පහතින් දක්වා ඇති කරුණු වෙත කාරුණිකව අවධානය යොමු කරමු.

මහ පොළොව හා කඳු

ලොව බොහෝ විශ්ව විද්යාලයන්හි භූ විද්යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The Earth) ග්රන්ථයේ එක් කර්තෘවරයෙකු වු මහාචාර්ය ෆ්රෑන්ක් ප්රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්යා උපදේශකයා ව සිටි අතර ඇමරිකානු ජාතික විද්යා ඇකඩමියේ (National Science Academy of U.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම ‘පෘථිවීය’ නම් ග්රන්ථයේ 435 වන පිටුවේ සඳහන් වන්නේ විශාල කඳුවැටි වලට පොළොව අභ්යන්තරයට දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බද්ධ වී ඇති අතර එය කුඤ්ඤයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද ‘භූ විද්යාව’ (Earth Science) නැමැති ග්ර්න්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධ ව සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධ ව සොයා ගත් ඉතා නුතනම සොයා ගැනීමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කඳු උපකාරි වන බව විද්යාඥයින්ගේ මතය වේ.

 

“ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කඳු ද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16:15)

“අප පොළොව ඇතිරිල්ලක් ලෙස ද කඳු කුඤ්ඤයක් ලෙස ද (නොකළෙම් ද?) (අල්කුර්ආන් 78:6-7)

 

විශ්වයේ කොටසක් වූ අප පය ගසා ජීවත් වන පෘථිවියේ සැකසුම පිළිබඳ ව ඇති ඉතාම නූතන විද්යාත්මක සොයා ගැනීම් වර්ෂ 1450 ක් පමණ පැරණි අල් කුර්ආනයේ අංශු මාත්රයක පරස්පරතාවකින් තොරව සඳහන් වී තිබේ නම් අල් කුර්ආනයේ කර්තෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා එක් අයෙකු බව පිළිගැනීමට කා හට නම් අපහසුතාවක් තිබිය හැකි ද?

නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ මෙතරම් සූක්ෂම අයුරින් මහත් පරිශ්රමයක් හා නවීනතම විද්යාත්මක ක්රම උපයෝගී කර ගනිමින් සොයා ගනු ලබන නව සොයාගැනීම් ශත වර්ෂ ගණනාවකට පෙර පාරිශුද්ධ අල් කුර්ආනය කිසිදු පරස්පරතාවකින් තොරව සුමට සරල ලෙස පවසා සිටීම තුළින් විශ්වයේ නිර්මාතෘ හා සත්යය එකම දෙවිඳුන් අල්ලාහ් බවත් සර්වඥානී අල්ලාහ් විසින් මිනිස් වර්ගයාට නිවැරදි දිවි පෙවෙත පෙන්වා දීම තකා තෝරා පත් කර ගනු ලැබූ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් ලෝ වැසි සැමට සුරම්ය නිවැරදි සුමග පවසා සිටින හා පෙන්වා දෙන පාරිශුද්ධ අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් එය මිනිසෙකුගේ නිර්මාණයක් නොවන බවත් සක්සුදක් සේ මොනවට පැහැදිලි වෙයි. (මතු සම්බන්දයි)

Leave a Comment