🌹🌷💐🌹☘️🪴🎋🍃💐🍁🍂
ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි.🌿🌱🌴 අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට උගන්වයි. 🌳🌲🎄💐🍁මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි.🎍🪴☘️ ජාතිවාදය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරමු.🦋 මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි සියලු මිනිසුන් සමග සහෝදර බැඳීමකින් යුතුව කටයුතු කරමු. මෙමගින් දිනු නිදහස වඩාත් අර්ථවත් කරන්නට කටයුතු කරමු.🌸🌸🌺🥀🌹

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.  වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්න ට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

 

❤️☘️ආගම් වශයෙන් ද වාර්ගිකයින් වශයෙන් ද කුල වශයෙන් ද බෙදී කටයුතු කිරීම බැහැර කොට සමගිව එක්ව ගෙනගිය නිදහස් සටන අපට ජයගත හැකි වුයේ සමගිය නිසාවෙනි. එබැවින් නිදහස් දිනයේ ඒකායන අරමුණ විය යුත්තේ අර්ථ ශුන්‍ය වාදභේද තුරන් කොට සමගි සම්පන්න වී ශ්‍රී ලාංකිකයින් ලෙස ඒකරාශී වී සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමයි. 🇱🇰🇱🇰

Leave a Comment